Pompeii
විසුවියස් ගිනි කන්ද සියවස් ගණනාවක් පුරා බොහොම උදාසීනව තමයි පැවතුනේ.විසුවියස් ගිනි කදුවැටියයි ඉතාලියේ නේපල්ස් නගරයටයි ආසන්නව පුරාණ රෝම අධිරාජ්‍යයට අයත් නගරයක් තිබුණා.ඒ තමයි පොම්පෙයි නගරය.පොම්පෙයි ජනතාව බැතියෙන් සමරන ගිනි දෙවියන්ගේ පාරම්පරික උත්සවය තමයි වල්කනාලියා සැමරුම කියන්නේ. මේ සැමරුමට පසුු දින ක්‍රි . ව . 79 යේ අගෝස්තු 24 දින ලෝදිය උතුරන නිරය අනපේක්ෂිතව කඩා වදිනවා. සති ගණනකට පෙර සිටයි විසුවියස් ගිනි කන්දෙන් සියුම් ධුමාරයක් පිට වෙන්නේ. නමුත් මේ ගැන අවධානය දෙන්න තරම් නගර වැසියන්ට කල්පනාවක් තිබුන් නෑ. මොකද... ඔවුන් ගත කලේ මීවිත සහ ස්ත්‍රීන්ට ලොල් වූ ජීවිතයක්.මේ පුපුරා යාම දැනුන නම් ඔවුන්ට ආරක්ෂිිත ස්ථාන කරා යෑමට හැකියාව තිබුණි.විසුවියස් ගිනි කන්දෙන් සැතපුම් 15 ක් ඇතුළත සෑම ගමක්ම , ගොවිපළක්ම සෑම නිවසක්ම විනාශ විය.ජීවිත් වුණු මිනිස් සංහතිය වගේම සියලුම භෞතික වස්තූන් අඩි 19 සිට අඩි 23 දක්වා ලාවා තට්ටුවක් හා අළු තට්ටුවක් යට වැළලී සැඟවී යනවා.
නේපල්ස් ආසන්න මුහුදේ නැවක යාත්‍රා කරමින් සිටි ' ප්ලිනි ' නම් ලේඛකයා මෙම පිපිරීම සියැසින්ම දුටු අයෙක්.ඔහු මෙම අතිබිහිසුණු අත්දැකීම සටහන් කර ඇත.ශතවර්ෂ ගණනාවක් වැසී තිබුණ පොම්පෙයි දේශය හරියටම හොයාගත්තෙ 1763 දී ' පබ්ලි පොම්පියනොරම් ' කියන ඓතිහාසික සෙල්ලිපිය නිසා. වසර දහස් ගණනකට පෙර පොම්පෙයි කියලා නගරයක් වැළලී ගියා කියලා දන්නෙ එතකොටයි.
නේපල්ස්වල රාජ්‍යත්වයට පත්වුණු දොන් කාලෝස්ගේ අනුග්‍රහය යටතේ හමුදා ඉංජිනේරු කාල් වෙබර් 1750 සිට 1764 දක්වා ක්‍රමානුකූලව අධ්‍යනයන් කරමින් කැණීම් ආරම්භ කළා.ලාවා අළු විස්මිත ලෙස භෞතික දෑ කල් තබා ගන්නා ද්‍රව්‍යයක් විදියට ක්‍රියාකරනවා කියලා පර්යේෂකයෝ මෙතනදි අවබෝධ කරගන්නවා.අවුරුදු 2000 කට කලින් තිබුණු විදියටම ගොඩනැගිලි , මිනිස් මළ කඳන් , එදිනෙදා භාවිත කළ දේවල් ඒ අයුරින්ම තිබුණා.
ඉතිං මේ කැණීම්වලින් හොයාගත්තා මොවුන් , • ඈත අතීතයේ පොම්පෙයි නාගරිකයන් දැඩි කාමසුඛල්ලිකානු යෝගී දිවිපෙවෙතකට හුරු වෙලා හිටියා කියලා. • ඒ වගේම පොම්පෙයිහි දැඩි පුරුෂාධිපත්‍යක් තිබූ බවත් පුරුෂ ශිෂ්ණය සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස සලකා ඇත
• තරුණ වහල් කාන්තාවන් අලෙවි කළ මධ්‍යස්ථානයන් පවා හමු වී ඇත
• ස්ත්‍රී - පුරුෂ සම්භෝගය දැක්වෙන සිතුවම් තමා මේ ඉපැරණි නගරයේ සෑම තැනකම තිබිලා තියෙන්නේ
යුරෝපා සමාජය , බ්‍රිතාන්‍යය වික්ටෝරියානු රැජිනගේ රාජ්‍ය සමයේ කාන්තාවකගේ නිරුවත් කකුල් ප්‍රදර්ශනය පවා සදාචාර විරෝධී විදියට සලකපු වික්ටෝරියානුවොත් මේ කැණීම් වලට සම්බන්ධ වෙලා හිටියා.මේ ශෘංගාරාත්මක ප්‍රතිිිමා, චිත්‍ර , සංකේත දැක ඔවුන් මහත් කම්පනයට පත් වෙලා තියෙනවා.
රාගයෙන් මුසපත් දේශයක දුක්ඛාන්තය මෙලෙස සනිටුහන් වී තිබුණා.....
|
Comments
Post a Comment