පොම්පෙයි නගරය
අවුරුදු 2000 ක් සැගවී හුස්ම හෙළූ දේශය Pompeii විසුවියස් ගිනි කන්ද සියවස් ගණනාවක් පුරා බොහොම උදාසීනව තමයි පැවතුනේ.විසුවියස් ගිනි කදුවැටියයි ඉතාලියේ නේපල්ස් නගරයටයි ආසන්නව පුරාණ රෝම අධිරාජ්‍යයට අයත් නගරයක් තිබුණා.ඒ තමයි පොම්පෙයි නගරය.පොම්පෙයි ජනතාව බැතියෙන් සමරන ගිනි දෙවියන්ගේ පාරම්පරික උත්සවය තමයි වල්කනාලියා සැමරුම කියන්නේ. මේ සැමරුමට පසුු දින ක්‍රි . ව . 79 යේ අගෝස්තු 24 දින ලෝදිය උතුරන නිරය අනපේක්ෂිතව කඩා වදිනවා. සති ගණනකට පෙර සිටයි විසුවියස් ගිනි කන්දෙන් සියුම් ධුමාරයක් පිට වෙන්නේ. නමුත් මේ ගැන අවධානය දෙන්න තරම් නගර වැසියන්ට කල්පනාවක් තිබුන් නෑ. මොකද... ඔවුන් ගත කලේ මීවිත සහ ස්ත්‍රීන්ට ලොල් වූ ජීවිතයක්.මේ පුපුරා යාම දැනුන නම් ඔවුන්ට ආරක්ෂිිත ස්ථාන කරා යෑමට හැකියාව තිබුණි.විසුවියස් ගිනි කන්දෙන් සැතපුම් 15 ක් ඇතුළත සෑම ගමක්ම , ගොවිපළක්ම සෑම නිවසක්ම විනාශ විය.ජීවිත් වුණු මිනිස් සංහතිය වගේම සියලුම භෞතික වස්තූන් අඩි 19 සිට අඩි 23 දක්වා ලාවා තට්ටුවක් හා අළු තට්ටුවක් යට වැළලී සැඟවී යනවා. නේපල්ස් ආසන්න මුහ...